Global Platform For All Sri Lankans

Lanka Hit News

කුඩු සළිඳුට ඇප

 

සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් “කුඩු සළිඳු” රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර විසින් නියෝග කර තිබෙනවා.

එකී ශරීර ඇපවලට අමතරව සැකකරු වෙත දැඩි ඇප කොන්දේසි ද නිකුත් කර තිබෙනවා.

සැකකරු 2023 මාර්තු මස 15 දින මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙනවිත් , අංක 96863 සහ 85145/22 දරණ නඩුවලට අදාළව රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිට පානදුර මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ ඇප මත නිදහස් කර ලෙස නියෝග කර තුබුණේ.

ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීම සහ මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා නඟා තිබුණා.

නීතිඥ ජාලිය සමරසිංහ, ජයබදු කළුපහන, හේමන්ත කුමාර ,අශෝක ධර්මරත්න, බී ඒ ආර් බමුණුසිංහ, ශානිකා කාරියවසම්, සංජුලා සුරවීර සහ එච්. කේ. කේ. හීනටිගල යන නීතිඥ මහත්ම මහත්මීන් විත්තිය වෙනුවෙන් පෙනී සිටියා.

නඩුව 2025 පෙබරවාරි 10 දින යළි කැඳවීමට නියමිතයි.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads