Global Platform For All Sri Lankans

Lanka Hit News

බිත්තරය නැවතත් කරළියට

 

රජය විසින් ලුණු ආනයනයට ගත් තීරණයත් සමග පළමුව ලුණු මෙට්‍රික් ටොන් 20,000 ක් ගෙන්වීමට කටයුතු කරන බව රාජ්‍ය, වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ලුණු ආනයනය සදහා ලංසු කැදවීම හෙටින් අවසන් වන බවයි.

මේ මස 31වනදාට පෙර ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට රජය විසින් පසුගියදා තීරණය කළේ, වෙළෙඳපොළේ පවතින ලුණු හිඟයත් සමගයි.

එමෙන්ම, වෙළෙඳපොළේ පවතින සහල් හිගයට පිළියම් ලෙස සහල් ආනයනය කිරීමටද පියවර ගත්තා.

මේ අතර, පසුගිය දිනවල වෙළෙඳපොළේ පහළ ගොස් තිබූ බිත්තරයක මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.

අදවන විට වෙළෙඳපොළේ බිත්තරයක මිල රුපියල් 36 දක්වා ඉහළ ගොස් ඇති බවයි වෙළදපොල ආරංචිමාර්ග සඳහන් කළේ.

පසුගිය දිනවල බිත්තරයක මිල රුපියල් 28 දක්වා පහළ ගොස් තිබුණා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ජනාධිපති ලේකම් කාර්යාල‍යෙන් අතුරුදන් වූ මිලියන ගණනක භාණ්ඩ ගැන අධිකරණ නියෝගයක්

  ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads