නවසීලන්තය සමග පැවති තුන්වන හා අවසන් පන්දුවාර 20යි 20 තරඟය ලකුණු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
නෙල්සන්හි පැවති මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව මුලින් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලුු 5කට ලකුණු 215ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත්වුණා.
මෙහිදි සුපිරි ඉණිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා සිය මංගල ජාත්‍යන්තර පන්දුවාර 20යි 20 ශතකය රැස් කරමින් පන්දු 46කින් ලකුණු 101ක් රැස් කළා.
එය මේ වසරේ ක්‍රීඩකයෙක් රැස් කළ පළමු පන්දුවාර 20යි 20 ශතකය වීම විශේෂත්වයක්.
එමෙන්ම ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් රැස් කළ තුන්වන ජාත්‍යන්තර පන්දුවාර 20යි 20 ශතකය මෙයයි.
මිට පෙර මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් රැස් කළ අතර වසර 13කට පසු මෙම ශතකය රැස්කිරීම විශේෂත්වයක්.
මීට අමතරව නායක චරිත් අසලංක ලකුණු 46ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 22ක් රැස් කළා.
ලකුණු 216ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්‍රීඩකයින්ට සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කරගැනීමට හැකිවූයේ ලකුණු 211ක් පමණයි.
එහිදී නවසීලන්තය වෙනුවෙන් රචින් රවින්ද්‍රා ලකුණු 69ක් සහ ඩැරල් මිචෙල් ලකුණු 35ක් රැස් කළා.
පන්දු යැවීමේදි නායක චරිත් අසලංක කඩුලු 3ක් සහ වනිදු හසරංග කඩුල් 2ක් බිද හෙලුවා.
ඒ අනුව මෙම තරඟය ලකුණු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
කෙසේ වෙතත් පළමු තරඟ දෙක ජයගත් නවසීලන්ත කණ්ඩායම තරඟාවලිය තරඟ දෙකට එකක් ලෙස ජය ගත්තා.