Global Platform For All Sri Lankans

Lanka Hit News

අවදානම් සහගත සීමා බැම්ම ඉවත් කරන්න ඇමති උපදෙස්

රත්මලාන ගුවන්තොටුපොලේ ඇති අවදානම් සහගත සීමා බැම්ම නිසි විමසීමකින් අනතුරුව ඉවත් කරන ලෙසට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, විල් ගුවන් සේවා අධිකාරියේ සහ ගුවන්තොටුපොළ  සේවා ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.

ගුවන් යානා හිමිකරුවන්ගේ සහ ක්‍රියාකරුවන්ගේ සංගමය විසින් රජයට සහ සිවිල් ගුවන් සේවා අධිකාරියට මෙම අනතුරු ඇඟවීම සිදු කළා.

ඔවුන් පෙන්වාදී තිබුණේ, රත්මලාන ගුවන්තොටුපොලේ ගාලුපාර සිමාවේ ඇති ඝන අඩි 9ක තාප්පය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නීති උල්ලංඝනය කරන බවයි.

මේ හේතුවෙන් සුළු තාක්ෂණික දෝෂයකදී පවා අධි ධාවනයකදී වූවත් වන් යානයක් ගැටී  සිදුවිය හැකි අනතුර අතිවිශාල බව සඳහන්.

පසුගියදා දකුණු කොරියාවේ මුවාන් ගුවන්තොටුපොලේදී මගීන් 179කට ජීවිත හානි කරමින් සිදු වූ අනතුරට සමාන අනතුරු සිදු වීමට ඉඩ ඇති මේ ඉදිකිරීම ගැන සළකා බලන ලෙස සහ මෙම තාප්පය ඉවත් කර, අනතුරකදී ඉකමනින් බිඳී යා හැකි සරල වැටක් ඉදිකරන ලෙස එම සංගමය ඉල්ලිම් කළා.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads