Global Platform For All Sri Lankans

Lanka Hit News

දැඩි ශීත කුණාටු නිසා ඇමෙරිකානු වැසියන්ට අනතුරු ඇඟවීම්

ඇමෙරිකාවට බලපා ඇති දැඩි ශීත කුණාටුව හේතුවෙන් පුද්ගලයින් මිලියන 60කට වැඩි පිරිසට එරට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරනවා.

ඔවුන් පවසන්නේ හිම කුණාටුවේ අවදානම හේතුවෙන් කෙන්ටකි, කැන්සාස්, වර්ජිනියා, වෙස්ට් වර්ජිනියා, ආකැන්සාස් සහ මිසූරි යන ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙන බවයි.

එසේම, අධික හිම පතනය සහ සුළං හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් සහ ඇමෙරිකාව තුළ සහ ඉන් පිටතට ගුවන් ගමන් 1,500කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කර තිබෙනවා.

තවත් 5,000කට ආසන්න ගුවන් ගමන් වාර සංඛ්‍යාවක් ප්‍රමාද කර තිබෙන බවද සඳහන්.

ඇමෙරිකාවේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ හිම කුණාටු තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ නැගෙනහිර ප්‍රදේශය කරා ගමන් කරනු ඇති බවයි එරට ජාතික කාලගුණ සේවය නිවේදනය කර ඇත්තේ.

හිම කුණාටුවත් සමග ඇතිවන හිම පතනය, දශකයකට පමණ පසුව සිදුවන දරුණුතම හිම පතනය විය හැකි බවයි ඇමෙරිකානු කාලගුණ බලධාරීන් පවසන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads