Global Platform For All Sri Lankans

Lanka Hit News

බාල ඖෂධ හේතුවෙන් දෑස් අන්ධ වූ රෝගීන්ට රජයෙන් වන්දි

 

ඉකුත් සමයේ දී ඖෂධ ගැටලු හේතුවෙන් වාර්තා වූ රෝගීන්ගේ ඇස් අන්ධවීමේ සිද්ධීන්වලට මුහුණ දුන් රෝගීන් වෙනුවෙන් වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු තවදුරටත් සඳහන් කළේ, එම ඖෂධ ගෙන්වීමට මූලික වූ සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බවයි.

එහි දී අමාත්‍යවරයා පැවසුවේ, නුවරඑළිය මහ රෝහලේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයට භාජනය කරන ලද රෝගීන් ගණනාවකගේ ඇස් අහිමි වීමේ තත්ත්වයන් වාර්තා වූ බවත්, ඇතැම් අය පූර්ණ අන්ධ භාවයට පත් වූ බවත්, ඒ අය සම්බන්ධයෙන් සොයා බලා සාධාරණය ඉටු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේඛ ලේකම්වරයෙකුගේ මූලිකත්වයෙන් කමිටුවත් පත් කර ඇති බවයි.

ඒ අනුව අදාළ ආබාධිත තත්ත්වයට පත් වූ පුද්ගලයන් 17 දෙනෙකුට රජය මගින් වන්දු ලබා දීමට ඊයේ (06) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ බවත් අමාත්‍යවරයා පැවසුවා.

ඒ බව සඳහන් කළ අමාත්‍යවරයා මෙහි දී පැවසුවේ, “මෙවැනි ආකාරයේ වන්දි ප්‍රදානයක් මීට කලින් සිදුවෙලා නැහැ. ඒ නිසා අපි දැන් වන්දි ක්‍රමයක් සකස් කරමින් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ඖෂධය ගෙන්වීමට මූලික වෙච්ච අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා. ඒ නිසා මේ ගැන එකින් එකට විමර්ශනය කරගෙන යනවා. මීට අදාළ සියලු අයට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ ආයතන වෙතට අපි යොමු කරනවා.” යනුවෙන්.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

චීන විදේශ ඇමතිගේ නව වසරේ පළමු විදෙස් සංචාරය අප්‍රිකානු කලාපයට

චීන-අප්‍රිකා සහයෝගීතා සංසදය සමඟ වැඩි කාර්යභාරයක් ඉටු කොට ප්‍රතිඵල රැසක් අත්කර ගැනීමට අප්‍රිකානු රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads