සහල් පිළිබඳව පවතින ගැටලු සති 3ක් පමණ වන විට අවසන් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, වී සඳහා සහතික මිලක් ලබාදීමට රජය කඩිනමින් කටයුතු කරන බවයි.
මේ අතර, වන සතුන් හේතුවෙන් සිදුව ඇති වගා හානි පිළිබඳව දිවයිනේ ප්‍රදේශ රැසකින් තවදුරටත් වාර්තා වනවා.
වන සතුන්ගෙන් සිදුවන වගා හා දේපොළ හානි මෙන්ම ජන ජීවිතයට එල්ලවන බාධා පිළිබඳව දිවයිනේ ප්‍රදේශ රැසකින් නිරන්තරයෙන් තොරතුරු වාර්තා වනවා.
ඒ අතරතුර පසුගිය සමයේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කුඩා ඔය පිටාර ගැලීමෙන් ඒ ආසන්නයේ පිහිටි අක්කර 500කට ආසන්න වී වගාවන් විනාශ වුණා.
ඒ සමග පොළොන්නරුවේ ගම්මාන රැසක් යාකරමින් පිහිටි අරලගංවිල, කුඩාඔය පාලම කැඩීයෑමේ අවදානමක් මතුව ඇති අතර, ගොවීන් පෙන්වා දෙන්නේ පාලම කැඩී ගියහොත් යළිත් ඉදිරි වර්ෂා සමයකදී යළි කුඹුරු ඉඩම් රැසක් විනාශ විය හැකි බවයි.