ජනතාව වෙනුවෙන්ම මාධ්‍යකරණයේ නිරත වූ ලසන්ත වික්‍රමතුංග ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියා ඝාතනය කර අදට වසර 16ක් සපිරෙනවා.
2009 ජනවාරි 08 වන දින ඔහු ඝාතනයට ලක්වුණේ රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේදී යි.
ආයුද සන්නද්ධ මැරයින් අත්තිඩිය පාරේදී ඔහු මරාදමන විට ඔහු සන්තකයේ තිබුණේ පෑනත්, සටහන් පොතත් පමණයි.
අන්තර්ජාතික මට්ටමේ විශිෂ්ට සම්මාන ගණනාවකින් ඇගයූ ලසන්ත, නොබියව කළ මෙහෙවර වෙනුවෙන් ඝාතනයෙන් පසුවත් අයි.පී.අයි. වර්ල්ඩ් ප්‍රෙස් ෆ්‍රීරීඩම් හීරෝ සම්මානයෙන් ඇගයීමට ලක් කරනු ලැබුවා.
2016 සැප්තැම්බර් මාසයේ 27 වෙනි දා ලසන්තගේ සිරුර යළි ගොඩගත් අතර සැකකරුවන් කිහිපදෙනෙකු නීතිය හමුවට ඉදිරිපත් කළත් ඉන් පසුව ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක වීම තරමක් මන්දගාමී වූවා.
තෙලි තුඩින් සිය අදහස් සමාජ ගත කළ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියාගේ ඝාතනය සම්බන්ධයෙන් තවමත් සැකකරුවන් නීතියේ රැහැනට හසු නොවීම කණගාටුවට කරුණක්.