ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය අද(17)යි.
අද දිනයේදී චීනයේ ප්රමුඛ පෙළේ නිෂ්පාදන කර්මාන්තශාලා කිහිපයක් නැරඹීමට සහ දිළිදුකම තුරන් කිරීම සදහා ආදර්ශයක් වන චීන ගම්මානයක් නැරඹීමට ජනාධිපතිවරයා එක්වනු ඇති.
එසේම, සිචුවාන් ප්‍රාන්තයේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්වරයා සමග විශේෂ සාකච්ඡාවකටද ජනාධිපතිවරයා අද එක්වනවා.
මේ අතර, මෙම සංචාරයට සමගාමීව අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් යටතේ හම්බන්තොට නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළ ගිවිසුමකට ඊයේ චීනයේදී අත්සන් තැබුණා.
ඒ මෙරට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතරයි.
එමෙන්ම ජනාධිපතිවරයා ඊයේ චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං සමගද විශේෂ සාකච්ඡාවක නිරත වුණේ චීන මහජන ශාලාවේදීයි.
එහිදී චීන අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත්තේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ඇති කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට චීනයේ සහය ලබා දෙන බවයි.
එමෙන්ම, ජනාධිපතිවරයා ඊයේ බීජිං අගනුවර පිහිටි ටියෙන් අන් මන් චතුරශ්‍රයේ පිහිටි චීන මහජන විරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වනු ලැබුවා.