පාකිස්තානයේ හිටපු අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඩුවමක් ලබාදීමට එරට අධිකරණය තීරණය කර තිබෙන මාධ්‍ය සඳහන් කරනවා.
මෙම සිර දඩුවම නියම කර ඇත්තේ විශ්ව විද්‍යාල ව්‍යාපෘතියකට අදාළ ඉඩමක් අනිසි ලෙස භාවිතා කිරිමේ චෝදනාවකට අදාළවයි.
මීට අමතරව ඉම්රාන් ඛාන්ගේ බිරිද වන බුෂ්රා බිබීට ද මෙම චෝදනාව යටතේ වසර 7ක සිර දඩුවමක් නියම කර තිබෙන බව සඳහන්.
එසේම අධිකරණය විසින් ඉම්රාන් ඛාන්ට ඩොලර් 3500ක දඩයක් සහ ඔහුගේ බිරිදට එම මුදලින් අඩක දඩයක්ද නියම කර තිබෙනවා.
දූෂණ චෝදනා රැසක් සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් පසුගිය 2023 වසරේ අගෝස්තු මාසයේ සිට සිරගත කර සිටින අතර ඔහු වරදකරු කෙරුණු සිව්වන ප්‍රධාන නඩුව මෙය බවයි කියන්නේ.
එමෙන්ම ඉම්රාන් ඛාන්ට එරෙහිව තවත් දුෂණ චෝදනා නඩු රාශියක් විභාග වෙමින් පවතින බවද සඳහන් කරනවා.
Author: Lanka Hit News
Post Views: 35