Global Platform For All Sri Lankans

Update 10: දැන් අතීතයට අයිතියි එත් එයා හොඳ කෙනෙක් නෙමේ

club-wasantha-updates

අතුරුගිරියේ වෙඩිතැබීම් සිද්ධියෙන් මියගිය ක්ලබ් වසන්තගේ පැටිකිරිය හෙලි කරමින් හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ගුවන් විදුලි නාලිකාවකට අද දින විස්තරයක් සපයා තිබේ.
ඔහුගේ පැහැදිලිකිරීම මෙසේය.

“ඇත්තටම මේ පුද්ගලයා ඔහුගේ ව්යාපාර කටයුතු ජාලය හැටියට රාත්රී සමාජ ශාලා සහ කැරෝකි කලේ.
ඇත්තටම ඔහු මුලින්ම ප්රසිද්ධ වෙලා හිටියේ කැරෝකේ වසන්ත හැටියට
මුලින්ම මේ කැරෝකේ කියන දේ ලංකාවට හඳුන්වා දුන් මුල් වකවානුවේ ඉඳලා කොළඹ කේන්ද්ර කොටගත කැරොකේ ශාලා කීපයක හිමිකාරයෙක් හැටියට හිටියා. ඔහු සමාජ මාධ්ය ජාලා තුළින් තමයි වඩාත් පොදු මහජනතාව අතර යම් ආකර්ෂණයක් ඇති කරගත්තා කියලා අපිට හිතෙන්නේ.
නමුත් අද මොහුගේ ව්යාපාර ජාලයක් එක්ක සලකා බලන විට මොහු කොළඹ ව්යාපාර පැලැන්තියේ විවිධ පුද්ගලයන් එක්ක ඇසුරු කරමින් සිටියා.
ඔහුට විරුද්ධව වරෙන්තු කිහිපයක් එක් අවස්ථාවක නිකුත් වෙලා තිබුණා.

අත්අඩංගුවට ගැනීම සම්බන්ධව පොලිසියට චෝදනාවකුත් එල්ල වුණා. ඔහු අත්අඩංගුවට නොගන්නේ ඇයි කියලා.
ඒ වගේම ඔහුගේ රාත්රී සමාජ ශාලාවට විවිධ අන්දමේ නීති විරෝධි විරෝධී ක්රියාවන් සිදුවන බවටත් ඒ දිනවල පොලිසිය වෙත තොරතුරු වාර්තා වෙලා තිබුණා. විශේෂයෙන්ම කාන්තාවන් හිංසනයට ලක්වීම වගේ දේවල් සම්බන්ධව. ඉතින් කෙසේ වෙතත් දැන් ඒ සියල්ල අතීතයට ගිහිල්ලා තියෙන්නේ.

නමුත් ඔහුගේ ව්යාපාර ජාලය සහ කරපු ව්යාපාරවල ස්වභාවය සලකා බලද්දී මෙවැනි දේවල් ඇති වීමේ ප්රවණතාවයක් තියෙනවා. විශේෂයෙන්ම ඔබ දන්නවා මෙවැනි ව්යාපාර කරන අය ඒ සඳහා අවශ්ය ‘බලය’ යොදා ගැනීමටත් විවිධ පුද්ගලයන් ඇසුරු කරනව විවිධ අය යොදාගන්නවා.
 දේශපාලනඥයන් ඒ වගේම පෞද්ගලික ආරක්ෂක සේවාවන් පවත්වාගෙන යනවා. ඉතින් මොකද ඒ ව්යාපාරවල ඇතුලේ විවිධ ප්රශ්න පැන නගිනවා. විශේෂයෙන් රාත්රී සමාජ ශාලාවල එවැනි තත්වයක් මතුවනවා.

ඔහු ඉතාමත්ම හොඳ සුදු චරිතයක් හැටියට අපිට හඳුන්වන්න බැහැ. නමුත් ඒ සියල්ල අතීතයට එකතු වෙලා අවසන්. දැන් අවශ්ය වෙලා තියෙන්නේ ඔහු කුමන තරාතිරමේ පුද්ගලයෙක් උනත් ඔහුව මේ ආකාරයට මහමග තිරස්චීන ලෙස ඝාතනය කිරීම වැරදියි.
පොලිසිය හමුවේ විශාල අභියෝගයක් තියෙනවා. මේ අවස්ථාවේදී මොකද මං දැක්කා.ඒ ස්ථානයට පැමිණි මහේස්ත්රාත්වරයා  ඉතාමත්ම පැහැදිලි ප්රකාශයක් කළා. මේ ආකාරයට මනුෂ්ය ජීවිත තඹ සතයකට මායිම් කරන්නෙ නැතිවිම ගැන. චිකාගෝ පන්නයේ අපරාධ වලට ඉඩ දෙන්න බැහැ කියලා.

ඉතින් මේ හැම එකෙන්ම අපි මොනතරම් පුරසාරම් දෙඩුවත් අපි මොන මෙහෙයුම් කළත් මේ සංවිධානාත්මක වැඩ දිගටම  ක්රියාත්මකයි. ඊයේ කරපු සිදුවීමේ දර්ශන බලද්දි එතන කිසිම චකිතයක්, බියක් පැකිලීමක් කිසිම දෙයක් තිබුණේ ඔවුන් චිත්‍රපටියක දර්ශන වගේ ඇවිත් දකුණු ඉන්දියානු චිත්රපටයක් වගේ වෙඩි තිබ්බ ගියා.

අනික එතෙන්දි ඔවුන් ක්රියා කරපු ආකාරය ද පුහුණු වෙඩික්කරුවන් බව පෙනුණා. කිසිදු චකිතයකින් තොරව.

කංජිපානි ඉම්රාන් ගේ නම කියවෙනවා. ඔහුගේ නමත් එක්කම ඒක පේනවා. මුස්ලිම් දේවස්ථානයක් අසල කැඳ විකුණපු පුද්ගලයෙක්. එතන ඉඳලා ඔහු මත්ද්රව්ය ජාවාරම තුළින් විවිධ පුද්ගලයන්ගේ ඇසුර තුළින් ඔහු ශක්තිමත් වෙලා.
නමුත් ඔහු අත්අඩංගුවට ගැනීමට තිබිච්ච සහ සුවිශේෂම අවස්ථාව පොලිසිය පැහැරගත්තා.

ඔහුව ඇප ලබාගත් සැණින් අතුරුදහන් වුනා අතුරුදහන් වෙලා විදේශගත වුණා. ඉතින් දැන් ඔහු විදේශගතව ජාලයේ මෙහෙයවනවා කියලා තමයි කියන්නෙ.
විදේශගතව ඉඳලා කළත් යාන්ත්‍රණය මෙහේ. ඉතින් ඒක නිසා අපිට ඇඟ බේරගන්න බැහැ.
 මේ යාන්ත්රණය විනාශ කරන්න යාන්ත්රණය පසුපස යන්න ඕන පුළුවන් තරම් බුද්ධි තොරතුරු අරගෙන ඒක ඉතාමත්ම සංවිධානාත්මකව කළ යුතු වැඩපිළිවෙළක්.”

(v fm සිද්ධමුල්ල වැඩසටහනට දැක්වූ අදහස් ඇසුරිනි)



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

කුසල් මෙන්ඩිස්ට සිය ස්ථානය අහිමි වෙන ලකුණු !?

එළබෙන නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිට ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා ලෙස කුසල් මෙන්ඩිස් ක්‍රිඩා කිරීමට නියමිත බව ක්‍රිකට්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads