Global Platform For All Sri Lankans

ඇමති නිවාස දෙන්න කී ලැයිස්තුව ප්‍රතික්ෂේප කළැයි UDA අධ්‍යක්ෂ ජනරාල් ඉවතට

uda-prasad-ranaweera-interdicted

නාගරික සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතාගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙන බව වාර්තාවේ. උරුමය ඉඩම් ඔප්පු වැඩසටහන කඩිනම් කිරීමට ලබා දුන් උපදෙස් ක්‍රියාත්මක නොකිරීමේ චෝදනාව මත නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යවරයාට ලැබී ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇත.

නාගරික ප්‍රදේශවල ජීවත් වන අඩු ආදායම්ලාභීන් වෙත නිවාස 50,000ක් ලබා දීමේ ප්‍රචාරක කටයුත්ත වෙනුවෙන් ඇමති ලබා දුන් ලැයිස්තුව ප්‍රතික්ෂේප කළ නිසා ප්‍රසාද් රණවීර මහතා අධ්‍යක්ෂ ජනරාල් තනතුරින් ඉවත් කර ඇත.

එම අමාත්‍යංශයේ ලේකම් ඔහුව ඉවත් කිරීමේ නිල ලිපිය යොමු කරමින් ඇමති සමඟ උණුසුම් වචන හුවමාරුවක් කර ගැනීම විනය විරෝධී බව පවසා මෙලෙසින් ඉවත් කර ඇත.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අරඹා ඇති පරීක්ෂණය අවසන් වන තුරු මෙලෙස ඔහුගේ සේවය අත්හිටුවා ඇතැයි අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රසාද් රණවීර මහතා පැවසූයේ කිසිදු හේතුවක් සඳහන් නොකර තමා තනතුරින් ඉවත් කරන බවට ලිපියක් ලැබී ඇති බවයි.

තනතුරින් ඉවත් කර තිබෙන්නේ තාවකාලිකව දැයි විමසූ පැනයට පිළිතුරු දෙමින් රණවීර මහතා පැවසූයේ තාවකාලිකව නොව ස්ථිරවම තනතුරෙන් ඉවත් කරන බව අදාල ලිපියේ සඳහන්ව තිබෙන බවයි.
යනුවෙනි.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරයා එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගත්තේ ඔහුගේ විනය විරෝධී හැසිරීම නිසා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, නාගරික සංවර්ධන අධිකාරි පනතේ 13 (1) වගන්තිය යටතේ විෂය භාර ඇමතිවරයාට පැවරී ඇති බලතල යටතේ මෙම පියවර ගත් බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ 2024 අයවැය යෝජනාවට අනුව කොළඹ තට්ටු නිවාස හිමියන් 50,000කට සින්නක්කර ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීම සම්බන්ධයෙන් පසුගිය 04 වනදා පැවති සාකච්ඡාවක දී හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා රාජ්‍ය සේවයට නොගැළපෙන අප්‍රසන්න ආකාරයෙන් හැසිරුණු බවත් එය සමතයකට පත් කිරීම සදහා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඒ මොහොතේ ශාලාවෙන් ඉවතට යන ලෙස උපදෙස් දුන් බවත් ලේකම්වරයා කියයි.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

කුසල් මෙන්ඩිස්ට සිය ස්ථානය අහිමි වෙන ලකුණු !?

එළබෙන නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිට ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා ලෙස කුසල් මෙන්ඩිස් ක්‍රිඩා කිරීමට නියමිත බව ක්‍රිකට්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads