Global Platform For All Sri Lankans

වතු සේවක වැටුප වැඩි නොකරන හාම්පුතුන්ට ආණ්ඩුවෙන් තවත් තරවටුවක්

වතු සේවකයින්ගේ දෛනික වැටුප 1,700 කිරීමට රජය ගනු ලැබූ තීන්දුව ක්‍රියාත්මක නොකරන වතු හාම්පුතුන්ගේ බදු ගිවිසුම් දීර්ඝ නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව මනූෂ නානායක්කාර සඳහන් කළා.

රුපියල් 1,000ක් පැවති වතු සේවක දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නංවමින් ඉකුත් අප්‍රේල් 30 වනදා රාත්‍රියේ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.

කෙසේ වෙතත් අදාළ ගැසට් නිවේදනයට එරෙහිව වැවිලි සමාගම් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වූ අතර ඒ අනුව ඉකුත් 28 වනදා ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් වතු සේවක වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

කුසල් මෙන්ඩිස්ට සිය ස්ථානය අහිමි වෙන ලකුණු !?

එළබෙන නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිට ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා ලෙස කුසල් මෙන්ඩිස් ක්‍රිඩා කිරීමට නියමිත බව ක්‍රිකට්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads