Global Platform For All Sri Lankans

ටැටූ දුලාන්ගේ පාපොච්චාරණය මාධ්‍ය හරහා විකාශය කිරීම ගැන නීතීඥයා කරණු දක්වයි

tattoo-dilan-police-lawyer

අතුරුගිරියේ සිදුවූ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් එම සාප්පු හිමිකාර දුලාන් පොලිස් අත්අඩංගුවේ පසුවන අතරදී පොලිස් ප්‍රධානීන් ඉදිරියේ කළ පාපොච්චාරණය මාධ්‍ය වෙත නිකුත්වීම ගැටලුකාරී බව ඔහුගේ නීතීඥයා අදහස් දක්වා තිබේ.දුලාන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අද දින කඩුවෙල මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ නඩු විභාගය පවත්වා අවසන්වූ පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ

“සැකකරුවෙක් මාධ්‍යට මුදාහරිමින් පාපොච්චාරණයක් ලබා ගැනීමට කිසිවෙකුටත් බලයක් නැහැ. මෙම නඩුවේ පළවෙනි සැකකරුවන දුලාන් පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රකාශයක් ලබාගෙන තියෙනවා.

එම ප්‍රකාශයට අමතරව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඉදිරියේදී මාධ්‍ය කැඳවා ඔහුගේ පාපොච්චාරණය විකාශය කර තිබුණා. ඒ සම්බන්ධයෙන් සැකකරු වෙනුවෙන් අධිකරණය අවධානය යොමුකළා. මාධ්‍යයේ පළවූ වීඩියෝ දර්ශන සහ ඡයාරූප අධිකරණයට ඉදිරිපත් කළා. අපරාධ යුක්ති ක්‍රියාදාමය තුළ සැකකරුගේ ප්‍රකාශයක් ලබා ගන්න විදිය අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් කරලා තියෙනවා.
 එතකොට කිසිම අවස්ථාවක සැකකරුවෙකුගේ ප්‍රකාශයක් සජීවීව හෝ පටිගත කර දර්ශන මාධ්‍යට මුදාහැරීමට කිසිම නෛතික ප්‍රතිපාදනයක් නෑ. පොලිස්පතිවරයාට, නියෝජ්‍ය පොලිස්පතිවරයාට හෝ වෙනත් ස්ථානාධිපතිවරයෙක්ට එහෙම බලයක් ලබාදීලා නෑ. ඒ අනුව මහේස්ත්‍රාත්තුමිය විශේෂයෙන්ම සඳහන් කළා මෙම නඩුවේ විවිධ අවස්ථාවලදී මාධ්‍ය මැදිහත් වෙලා මේ විමර්ශනවලට මැදිහත්වීමක් වෙලා තියෙනවා කියලා. එම නිසා මේ විමර්ශන පැමිණිල්ලට වගේම විත්තියටත් සාධාරණවන ආකාරයට කරන්න ඕන ”

එම පාපොච්චාරණය හිරු ටීවී විකාශය කර තිබුනේ පහත පරිදිය.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads