නොවැම්බර් මාසයේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා, රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පෙනිසිල්වේනියාවේ, බට්ලර් හිදී මැතිවරණ ප්රචාරක රැළියක් අමතමින් සිටිය දී පසුගියදා ඔහු වෙඩි ප්‍රහාරයකට ලක්වුණා.
එහිදී ඔහුගේ කණට තුවාල සිදුව තිබූ අතර, රැළියට එක්ව සිටි පාක්ෂිකයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලැබුවා.
වෙඩි ප්‍රහාරයෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටියේ එක්සත්ව සිටින ලෙසටයි.
Author: Lanka Hit News
Post Views: 135