Global Platform For All Sri Lankans

සහනදායී පොලී අනුපාතයක් යටතේ ණයක් – ජනපතිගෙන් සතුටු හිතෙන ආරංචියක්..

 

රටක් දියුණුව කරාගෙන යාම සඳහා ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (18) ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය සඳහා මූල්‍ය පහසුකම් පැකේජයක් හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින්.

ආර්ථික අර්බුදය හමුවේ බිඳවැටීමේ අවදානමකට ලක් ව ඇති ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නැවත සවිබලගැන්වීමේ අරමුණින් මූල්‍ය පහසුකම් පැකේජයක් හඳුන්වා දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා.

සහනදායී පොලී අනුපාතයක් යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුද ඇතුළුව සහභාගීත්ව මූල්‍ය ආයතන 15ක් හරහා මෙම ණය ලබාදීම සිදු කෙරෙනවා.

අක්‍රිය ණය කාණ්ඩය යටතේ ඇති ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා සහයවීම මෙහි ප්‍රධාන අරමුණක්.

මේ යටතේ වසර 10ක කාල සීමාවකට අදාළව 7%ක සහන පොලී අනුපාතයකට, රුපියල් මිලියන 15ක උපරිම සීමාවකට යටත්ව ණය මුදල් සැපයෙන අතර, ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 13ක් .

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

තද වැසි, තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීම තවදුරටත්..

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads