Global Platform For All Sri Lankans

ගුවනින් පැය දෙකකටත් වඩා අඩු කාලයකින් එහෙට යන්න , එක්වුණු අලුත්ම සමාගම..

 

ඉන්දියාවේ චෙන්නායි සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල දක්වා දැනට පවත්වා ගෙන යන ගුවන් ගමන් සදහා සැප්තැම්බර් 01 වැනිදා සිට තවත් ගුවන් සමාගමක් එක්වීමට නියමිතයි.

ඉන්ඩිගෝ ගුවන් සේවයට (Indigo Airlines) අයත් එක් ගුවන් යානයක් පළමු අදියරය යටතේ සේවයට එක්වන අතර, එම ගුවන් යානය චෙන්නායි ගුවන් තොටුපළෙන් පස්වරු 1.55ට පිටත් වී පස්වරු 3.10ට යාපනය ගුවන් තොටුපළට ළඟා වෙනවා.

පසුව යාපනයෙන් පස්වරු 3.55ට පිටත් වී පස්වරු 5.10ට නැවතත් එම ගුවන් යානය චෙන්නායි ගුවන් තොටුපළට ළඟා වන බව ගුවන් සමාගම නිවේදනය කර තිබෙනවා.

සතියේ සෑම දිනකම මෙම ගුවන් ගමන් ක්‍රියාත්මකවන අතර, දැනට චෙන්නායි හා යාපනය අතර ක්‍රියාත්මක අනෙක් ගුවන් යානා වලට අමතරව ඉන්ඩිගෝ ගුවන් සමාගම ගුවන් යානයක් යොදවා තිබෙනවා.

ගුවන් ගමන් සදහා ප්‍රවේශ පත්‍ර යපනයේ බලයලත් නියෝජිතයින්ගෙන් හා අන්තර් ජාලය ඔස්සේ ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

1
0

Leave a Comment

Digital Griot

instagram bio for boys stylish font
instagram vip bio
instagram stylish bio
stylish bio for instagram
sanskrit bio for instagram
instagram bio in punjabi

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads