Global Platform For All Sri Lankans

Lanka Hit News

කොරියා රැකියා සිහිනයට මෙන්න සුබ ආරංචියක්..

 

දකුණු කොරියාවේ ධීවර අංශයේ රැකියා සඳහා ලංකාවේ කාන්තාවන්ටත් මේවන විට අවස්ථාව හිමිව තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, පසුගිය (25) දිනයේ දී ධීවර අංශයේ රැකියා අවස්ථාව හිමිවූ 120 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් කොරියාව බලා පිටත්ව ගිය බවයි.

එම පිරිසට කාන්තාවන් තිදෙනෙකු ද ඇතුළත්ව ඇති අතර, දකුණු කොරියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව මෙම රැකියා අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබී ඇති බවද සඳහන්.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads