Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the
1000055078.jpg

News

March 14, 2025 , Published 01:40 pm ,
0
0
3 views

බටලන්ද වාර්තාව ගැන දින දෙකක විවාදයක්

  • newsLankahit news
  • 3 views
  • 0 comments

 

බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් නීතිපතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කරන බව සභානායක බිමල් රත්නායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (14) අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් ලබාදෙන බව ද බිමල් රත්නායක සඳහන් කළා. 

මෙම බටලන්ද වාර්තාව ගැන කටයුතු කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව සඳහන්.

මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සඳහා උපදෙස් යෝජනා කිරීමටත් ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම අදාළ වාර්තාවල පිටපත් භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය කරන බවයි, සභානායක බිමල් රත්නායක වැඩිදුරටත් කියා සිටියේ.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.