Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 21, 2025 , Published 06:12 pm ,
0
0
5 views

වැලිගම හෝටලයක් අසල සිදු වූ වෙඩි තැබීමට අදාළව සැකකරුවන් 6ක් අධිකරණයට භාර වෙයි

  • newsLankahit news
  • 5 views
  • 0 comments

 

වැලිගම හෝටලයක් අසල සිදු වූ වෙඩි තැබීමට අදාළව සැකකරුවන් 6 දෙනෙකු අද (21) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.

ඔවුන් මෙසේ භාර වී ඇත්තේ, 2023 දෙසැම්බර් 31 වැනිදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ පිහිටි හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළවයි.

මේ අතර, මෙම වෙඩි තැබීමේදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය මස 27 වැනිදා අධිකරණය නියෝග කළා.

විවෘත වරෙන්තු ලැබ, දින 20ක කාලයක් සැගවී සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වුණා.

ඒ අනුව, ඔහුව ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියම කළා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.