Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 23, 2025 , Published 06:26 pm ,
0
0
18 views

යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂකයෙක්ට පහරදීලා

  • newsLankahit news
  • 18 views
  • 0 comments


කොළඹ 02, උද්‍යාන පාරේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවකට පසුගිය (21) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂ, ඔහුගේ බිරිඳ වන නිතීෂා ජයසේකර සහ තවත් පුද්ගලයන් අට දෙනෙකු පැමිණ තිඛෙනවා.

එහිදී එම එම පිරිසේ එක් අයෙකු එම සමාජශාලාව තුල රැඳී සිටීම සඳහා අවශ්‍ය වන අත් පළඳනාවක් නොතිබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ නිලධාරියෙකු සිදු කළ විමසීමක් අතරතුරදී යම් බහින් බස් වීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව එම අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මෙම බහින් බස් වීම අතර තුරදී ඔහු සමග පැමිණි අනෙකුත් අටදෙනා මෙම ආරක්ෂක නිලධාරියාට පහරදී ඇති අතර, ඒ සම්බන්ධයෙන් එම සමාජ ශාලාවේ හිමිකාරිනිය විසින් කොම්පඤ්ඤ වීදිය පොලිසියේ පැමිණිල්ලක්ද සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් අද උදෑසන කොම්පඤ්ඤ වීදිය පොලිසිය විසින් ස්ථානීය පරීක්ෂාවක් ද සිදුකර ඇති බවත්, ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් අප වාර්තාකරු සඳහන් කළා.

මෙලෙස පහර කෑමට ලක් වූ ආරක්ෂක නිලධාරියා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවත් පොලිසිය සඳහන් කලා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.