Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 23, 2025 , Published 06:22 pm ,
0
0
11 views

පාප් වහන්සේ අද රෝහලේ සිට ජනතාව හමුවට

  • newsLankahit news
  • 11 views
  • 0 comments


මාසයකට අධික කාලයක් රෝහල්ගතව සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද (23) දිනයේ දී ජනතාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

රෝමයේ වේලාවෙන් අද මධ්‍යහ්න 12 ට එය සිදු වනු ඇති බවයි වතිකානය නිවේදනය කළේ.

රෝහල් ගත කිරීමෙන් මසකට පසුව පළමුවරට උන්වහන්සේගේ ඡායාරූපයක් ද පසුගිය දා වතිකානය විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.

88 හැවිරිදි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පෙනහලු වල ඇති වූ නියුමෝනියා ආසාදන තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර තිබුණේ පසුගිය මස 14 වනදායි.

උන්වහන්සේ රෝගී තත්ත්වයෙන් සුවය ලබමින් සිටින නමුත් තවදුරටත් ප්‍රතිකාර ලැබීමට අවශ්‍ය බව සඳහන්.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.