Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 26, 2025 , Published 08:02 am ,
0
0
4 views

ඇතැම් ස්ථානවලට අද මි.මි. 100 ඉක්මවූ තද වැසි

  • newsLankahit news
  • 4 views
  • 0 comments

 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල අද (26) ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 100ක පමණ තද වැසි ඇතිවිය හැකියි.

නැගෙනහිර පළාතේත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව සඳහන්.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.