Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 26, 2025 , Published 08:04 am ,
0
0
2 views

අසපුවක් තුළදී හිමිනමක් ඝාතනය වෙයි

  • newsLankahit news
  • 2 views
  • 0 comments

 

එප්පාවල පොලිස් වසමේ කිරලෝගම ප්‍රදේශයේ අසපුවක් තුළදී තියුණු ආයුධකින් පහර දී භික්ෂූන් වහන්සේ නමක් ඝාතනය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ඊයේ (25) දහවල් කාලයේ එප්පාවල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

ඝාතනය වූ භික්ෂුව වයස අවුරුදු 69ක් වූ කිරලෝගම ප්‍රදේශයේ පිහිටි අසපුවක වැඩ වාසය කර ඇත. 

මරණයට පත් හිමිනම බැහැදැකීමට පැමිණි පුද්ගලයෙකු හා වෙනත් විහාරස්ථානයක හිමිනමක් මෙම ඝාතනය දැක ඒ පිළිබඳ පොලිස් ස්ථානය දැනුවත් කිරීමට කටයුතු කර ඇති බව පොලීසිය පවසයි. 

අනතුරුව පොලීසිය විසින් විමර්ශන සිදුකර ඇති අතර එහිදී  මියගිය හිමිනමට ත්‍රිරෝද රථයක් හා රියදුරෙකු සිට ඇති බවත්, මෙම රියදුරු දැනට අසපුව තුළ නොමැති බවට අනාවරණය වී ඇත.

අදාළ ත්‍රිරෝද රථ රියදුරු පිළිබඳ තොරතුරු මේ වනවිටත් අනාවරණය වී නොමැති බව වාර්තා වෙයි. 

මෙම ඝාතනය සිදුකළේ කවුරුන් විසින් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු අනුරාධපුරය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර එප්පාවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.