Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 26, 2025 , Published 08:13 am ,
0
0
3 views

දේශබන්දු නෙරපන යෝජනාව අද පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට

  • newsLankahit news
  • 3 views
  • 0 comments

 

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව අද පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් කරන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තු සඳහන් කළා. 

අදාළ යෝජනාව කථානායකවරයා වෙත භාර දීමට ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් ඊයේ කටයුතු කළා.

එම යෝජනාවෙන් ඔවුන් පෙන්වා දී ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් 2002 අංක 5 දරණ නිලධරයන් ඉවත් කිරීමේ පනතේ වගන්ති දෙකක් උල්ලංඝණය කර ඇති බවයි. 

2023 වසරේ දී මනුෂ්‍ය ඝාතනයක් කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත අධිකරණයට භාර වීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණා.

පොලිස්පති තනතුරේ සිටින අයෙකු එම තනතුරින් ඉවත් කිරීම සඳහා 2002 අංක 5 දරණ නිලධරයන් ඉවත් කිරීමේ පනත යටතේ හේතු 8 ක් දක්වා තිබෙනවා. 

ඉන් හේතු 2ක් උපුටා දක්වමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කිරීම වෙනුවෙන් වූ යෝජනාවක් භාරදීමටයි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිස ඊයේ කටයුතු කරනු ලැබුවේ. ඊට සමගි ජන බලවේගයද සහය ලබා දී තිබුණා.

එම එක් චෝදනාවක් වන්නේ විෂමාචාරය හෝ දූෂණ සම්බන්ධයෙන් වරදකරුවෙකු වීමයි. 

ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වීම අනෙක් චෝදනාවයි. ඒ අනුව එම වගන්ති යටතේ දේශබන්දු තෙන්නකෝන් සිදු කර ඇති ක්‍රියා 27ක් චෝදනා වශයෙන් ඉදිරිපත් කරමින් අදාළ යෝජනාව  කථානායකවරයාට භාර දී තිබෙනවා. 

ඒ අනුව මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇති එක් චෝදනාවක් වන්නේ 2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයක් වෙත කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් යැවීම මගින් දේශබන්දු තෙන්නකෝන්, විෂමාචාරී ක්‍රියාවක් සිදු කර ඇති බවයි.

එමගින් ඔහු සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සිදු කර ඇති බවද එම යෝජනාවේ සඳහන්. 

එමෙන්ම එම පිරිස යොදවා වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම ද දේශබන්දු තෙන්නකෝන් විසින් සිදු කළ විෂමචාරී සහ ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීමක් ලෙස දක්වා තිබෙනවා. 

අදාළ වෙඩි තැබීමෙන් පසු තුවාල ලැබූ තුවාලකරුවන් ළඟම රෝහලකට රැගෙන නොගොස් රහසිගතව රැගෙන එන ලෙසට සන්නද්ධ පොලිස් කණ්ඩායමට උපදෙස් දීම ද එම චෝදනා අතරට අයත්.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.