මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරෙන් මියගිය කැලණිය විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා ඒකකයේ ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්. ඩී. ගුණේන්ද්‍ර ගයන්තගේ බිරිඳද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
රිය අනතුරින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ අසාධ්‍ය තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය අද දිනයේ මියගිය බවයි පොලිසිය සදහන් කළේ.
අනතුරෙන් තුවාල ලැබූ විශ්ව විද්‍යාල ආචාර්යවරයාගේ බිරිඳගේ සහෝදරයාද අනතුරෙන් මීට පෙර මියගියා.
ඒ අනුව, මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව තුන දක්වා ඉහළ ගොස් තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ 48 දශම 5 වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී මීරිගම දෙසට ධාවනය වූ මෙම පිරිස රැගත් වෑන් රථය රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවුණේ, පසුගිය 18 වනදායි.
සිද්ධියෙන් ආචාර්යවරයාගේ දරුවන් තිදෙනා ද තුවාල ලැබී අතර ඔවුන් මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
No commnets