Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 26, 2025 , Published 12:32 pm ,
0
0
2 views

රිෂ් නඩුවට අදාළව නොතීසි ලැබුණොත් අධිකරණයේ පෙනී ඉන්නැයි නාමල්ට නියෝග

  • newsLankahit news
  • 2 views
  • 0 comments


කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන රුපියල් මිලියන 70ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් නොතිසියක් ලදහොත් අධිකරණයේ පෙනී සිටින ලෙස 
කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (26) සැකකාර නාමල් රාජපක්ෂට නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

විමර්ශන අවසන් ද නැද්ද යන්න අධිකරණයට දැනුම් දෙන ලෙස කළ නියෝග ප්‍රකාරව අධිකරණයට කරුණු දැක්වූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විමර්ශන අවසන් නැති බව අධිකරණයයට දැනුම් දුන්නා.

අදාල නීති කෘත්‍යයට අදාළව කොළඹ මහාධිකරණයේ චෝදනා ගොනු කර ඇති බව පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව නඩුව බහා තබන ලෙසත්, අවශ්‍ය වුවහොත් දැනුම්දීමක් අධිකරණයේ පෙනී සිටින ලෙසත්, මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නා.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණයට කරුණු දැක්වූවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිටියා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.