පසුගිය 2022 වසරේ ජූලි මස 09 වැනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවන අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටි සැකකරුවන් සිව්දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර වරෙන්තු නිකුත් කරමින් ඇපකරුවන්ට නොතීසි නිකුත් කළා.
මෙම නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කර ඇති නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර අසනීප තත්ත්වයෙන් පසුවන බව නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.
ඉදිරි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
නඩුව කැඳවූ අවස්ථාවේදී පෙනි නොසිටි සැකකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් නීතිඥවරුන් අධිකරණයට කරුණු දැක්වූවා.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පිරිසක් මුදා හැර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.
මෙම නඩුවේ සැකකරුවෙක් වන ජේ ශ්‍රී රංගා, ඇන්ඩෘ ඉවෝන් පෙරේරා, කළුතර පදිංචි රයිගම් බණ්ඩාරගේ මංජු වෙත්තමුණි ෂෙරින් වික්‍රමසිංහ, දිල්රුක් මධුශංක, අශාන් සංදීප, අන්වර් අලි, කෝරළගේ ඉන්දික ප්‍රසාද් ඇතුළු සැකකරුවන් පිරිසක් විවෘත අධිකරණයේ පෙනී සිටියා.
පසුගිය 2022 වසරේ ජූලි මස 09 වැනිදා හිටපු ජනාධිපතිවරයාටගේ නිවසට ගිනි තැබූ අවස්ථාවේදී ගිනි නිවීමට පැමිණි ගිනි නිවන හමුදාවේ වාහනයකට ඇතුළු වීමට ඉඩ නොදී රජයේ සේවකයින්ට අයුතු අවහිරයක් කළ බවට සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.
No commnets