Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 26, 2025 , Published 05:40 pm ,
0
0
5 views

ජොන්ස්ටන්ගේ නඩුව කල් යයි

  • newsLankahit news
  • 5 views
  • 0 comments

 

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම් විසින් ගොනු කර තිබෙන්න නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තා.

කොළඹ මහාධිකරණ විනිසුරු  නවරත්න මාරසිංහ ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණා. 

එහිදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුකෙරුණා. 

ඉන් අනතුරුව වැඩිදුර විභාගය ජූනි මස 23 දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියම කළා. 

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ  සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් පනත යටතේ හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු , සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.