හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාවේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය සහ එල්. ටී. ටී. ඊ සංවිධානයේ හිටපු හමුදාපති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඇතුළු පිරිසට එරෙහිව එක්සත් රාජධානිය පැනවූ සම්බාධක පිළිබඳ රජයේ ස්ථාවරය අද (26) දැනුම්දෙන බව කැබිනට් ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරනවා.
ඒ අනුව, අද පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා එය දැනුම් දෙන බවයි කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේ.
ඔහු මේ බව පවසා සිටියේ අද පැවැත්වූ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
එමෙන්ම මොවුන් සඳහා පසුගිය 24 වැනිදා එක්සත් රාජධානියේ සංචාරය තහනම් කිරීම මෙන්ම එරට වත්කම් එක් රැස් කිරීම හෝ වත්කම්ද තහනම් කරනු ලැබුවා.
No commnets