Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 28, 2025 , Published 08:11 am ,
0
0
4 views

පියැසි මත සවිකරන සෝලා විදුලි ඒකකයකට ගෙවන මුදල අඩු කරයි ?

  • newsLankahit news
  • 4 views
  • 0 comments

 

සෝලා පද්ධති අලෙවි සමාගම්වල සේවකයින් පිරිසක් ඊයේ (27) පස්වරුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණි.

ඒ, පියැසි මත සවිකරන සෝලා පද්ධති මගින් නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා ගෙවනු ලබන මුදල අඩුකිරීමට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව ඉවත්කර ගන්නා ලෙස ඉල්ලමින් ය. 

ඔවුන් චෝදනා කළේ මෙම යෝජනාව හරහා එම සමාගම්වලට දැඩි බලපෑමක් සිදුවන බවය.

පියැසි මත සවිකරන සෝලා පද්ධති මගින් නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා ගෙවනු ලබන මුදල සංශෝධනය කිරීම සඳහා මේ වනවිට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. 

එම කැබිනට් පත්‍රිකාවට අනුව සෝලා පද්ධති හරහා නිෂ්පාදනය කරන විදුලි ඒකකයකට මෙතෙක් ගෙවන ලද රුපියල් 27ක මුදල රුපියල් 19 ක් දක්වා අඩු කිරීමට යෝජනා කර තිබේ.

මීට අමතරව කිලෝවොට් 20 - 100ත් අතර විදුලි උත්පාදන පද්ධතියක් සඳහා ඒකකයකට රුපියල් 17ක මුදලක් මෙන්ම කිලෝවොට් 100 - 500ත් අතර පද්ධතියක් සඳහා ඒකකයකට රුපියල් 15ක් ලෙස ගාස්තු සංශෝධනය වියයුතු බව අදාළ කැබිනට් පත්‍රිකාවේ දක්වා ඇත.

අදාළ යෝජනාව මගින් සෝලා පද්ධති අලෙවි සමාගම්වලට දැඩි බලපෑමක් එල්ලවන බව ඔවුන් පවසයි.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.