Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 28, 2025 , Published 01:25 pm ,
0
0
1 views

මෙරට පළමු පෞද්ගලික හිමිකාරිත්වය සහිත ගුවන් සේවය එළැඹෙන 4 වන දා සිට...

  • newsLankahit news
  • 1 views
  • 0 comments


ඒ අනුව, ශ්‍රී ලංකාවේ සිට මැලේසියාවේ ක්වාලාලාම්පූර් බලා ප්‍රථමයෙන් මෙම ගුවන් සේවය ආරම්භ කිරීමට නියමිත යි. 

ෆිට්ස් එයාර් නමින් ආරම්භ කර ඇති මෙම ගුවන් සේවය නිසා වෙළෙඳ කටයුතු හා සංචාරක ගුවන් ගමන් සඳහා වැඩි අවස්ථාවන් නිර්මාණය වන බව ෆිට්ස් එයාර් ගුවන් සේවය නිවේදනය කර තිබෙනවා. 

ඊට අමතරව ගුවන් මගීන්ට දැරිය හැකි මිලකට මෙම ගුවන් සේවය ලබාගත හැකි බවද ෆිට්ස් එයාර් ගුවන් සමාගම නිවේදනය කර තිබෙනවා. 

මෙරට තුළ පෞද්ගලික ගුවන් සේවයක් ආරම්භ කරන බවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද පසුගිය දා පාර්ලිමේන්තුවේදී සඳහන් වුණා. 

මෙම ගුවන් සමාගම විසින් මැලේසියාවේ ක්වාලාලාම්පූර් වෙත ගොස් නැවත පැමිණෙන ටිකට්පතක් රුපියල් 65,300 සිට හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.