Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 28, 2025 , Published 01:27 pm ,
0
0
3 views

වගා හානි සිදු කරන සතුන් ගැන කළ සංගණනයේ වාර්තාව අද

  • newsLankahit news
  • 3 views
  • 0 comments

 

වගා හානි සිදු කරන සතුන් සම්බන්ධයෙන් සිදු කළ සංගණනයේ වාර්තාව අද(28) ලැබීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පවසනවා.

අදාළ සංගණනයට අනුව එම සතුන් කළමනා කරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් පළමු වරට ක්‍රියාත්මක කළ සත්ත්ව සංගණනය පසුගිය 15 වැනිදා දිවයින පුරා පැවැත්වුණා.

එහි දී රිලවා, වඳුරා, දඬුලේනා සහ මොණරා යන සතුන් සංගණනයට ලක් කෙරුණා.

එවන් පසුබිමක කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරන්න කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති හමුවකට එක් වෙමින් සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රක්කයේ පමණක් වගාවට හානි කරන සතුන් මිලියනකට අධික සංඛ්‍යාවක් ගණනය වී ඇති බවයි.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.