හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පසුගිය මාර්තු (20) වෙනිදා සිට අද( 03) දක්වා රක්ෂිත බන්ධනාගාර කෙරුණා.
ඒ ඔහු පසුගිය (20) වෙනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තු නිකුත් කර තිබූ දේශබන්දු තෙන්නකෝන් මාර්තු (19) පෙරවරුවේ අධිකරණයට භාර වූයේ නීතිඥවරුන් විශාල
පිරිසක් සමගයි.
ඒ එම නියෝගය නිකුත් කර දින 20 ක කාලයක් සැඟව සිටීමෙන් අනතුරුවයි.
ඒ අනුව, අධිකරණයට භාර වූ දේශබන්දු තෙන්නකෝන් මාර්තු 19 දින සිට මාර්තු 20 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මාතර මහේස්ත්‍රාන් අරුණ බුද්ධදාස පසුගියදා නියෝග කළේ.
2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත මොහු ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස පෙබරවාරි මස 27 වනදා අධිකරණය නියෝග කළා.
එවන් පසුබිමක නමන් අත්අඩංගුවට ගැනීමේ නියෝගය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ඉල්ලා දේශ බන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළා.
මෙවැනි තත්වයක් හමුවේ දේශබන්දු තෙන්නකෝන් සොයා ඔහුගේ නිවස ඇතුලු ස්ථාන කිහිපයක් අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ සෝදිසියට ලක් වූ අතර එහෙත් ඔහු සොයා ගැනීමට හැකි වූයේ නැහැ.
පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල කියා සිටියේ, පොලිස්පතිවරයා අධිකරණයට භාර වූයේ ඔහුගේ වත්කම් තහනම් කිරීම සඳහා නියෝගයක් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටි අවස්ථාවේදී බවයි.
No commnets