Global Platform For All Sri Lankans

Lanka Hit News

අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම දරුවන්ට රජයෙන් දීමනාවක්

 

අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම දරුවන්ට රු. 6,000ක දීමනාව වවුචරයක් වශයෙන් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනූව දෙමාපියන් අහිමි ළමුන්, මව හෝ පියා ආබාධිත පවුල්වල ළමුන්, ළමා නිවාසගත පාසල් වයසේ සිටින සියලුම ළමුන් සහ විශේෂ හේතු මත අසරණ භාවයට පත්ව ඇති කාණ්ඩවලට අයත් ළමුන් සඳහා එම දීමනාව ලබා දීමට නියමිතයි.

මේ අතර අස්වැසුම ප්‍රතිලාභි නොවන ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිට පාසල් වෙත පැමිණෙන ළමුන්ට සහ පිරිවෙන්වල ඉගෙනුම ලබන ගිහි පැවිදි සිසුන්ට දීමනාව ලබා දෙනු ඇති.

ඒ අනූව, සිසුන් 300ට අඩු පාසල් 6,576කට අයත් වන අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම දරුවන්ට මෙම දීමනාව ලබා දීමට නියමිත වනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

නිදහස් උත්සවය හා තෛපොංගල් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය කාල සටහනක්

තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය සහ සති අන්ත නිවාඩු වෙනුවෙන් 2024 ජනවාරි සහ පෙබරවාරි මාස වල විශේෂ දුම්රිය කාල සටහනක් ප්‍රවාහන,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads