උණුසුම් පුවත්

මහජන සහාය සේවා මධ්‍යස්ථානයක් අද සිට ගාලු‍ මුවදොරට…

 

උත්සව සමය වෙනුවෙන් ගාලු‍ මුවදොර පරිශ්‍රයට පැමිණෙන ජනතාවගේ පහසුව සහ ආරක්‍ෂාව තහවුරු කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලු‍ මුවදොර පරිශ්‍රයේ විශේෂ මහජන සහාය සේවා මධ්‍යස්ථානයක් අද (21) ස්ථාපිත කෙරෙනවා.

ඒ, ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ උපදෙස් මත ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ ඒකාබද්ධ දායකත්වයෙන්.

මෙම මධ්‍යස්ථානය හරහා ජනතාවට අවශ්‍ය සහාය කඩිනමින් ලබාදීමට පූර්ණ ආරක්‍ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවනු ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.

මෙම මහජන සහාය සේවා මධ්‍යස්ථානය, ජනතාවට අවශ්‍ය මඟපෙන්වීම් ලබාදෙන ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක අතර, හදිසි අවස්ථාවකදී හෝ අනපේක්‍ෂිත සිදුවීමකදී කඩිනම් සහාය ලබාදීමටත්, සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමටත් නියමිතයි.

Shares: