විදෙස්

ඔස්මන් හාදිට සමුදීමට දහස් ගණනින් පිරිස් ඊයේ රැස්වුණේ මෙහෙමයි..

 

නාඳුනන තුවක්කුකරුවන් පිරිසකගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගිය බංගලාදේශයේ තරුණ දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ මහමැතිවරණ අපේක්ෂකයෙකු වූ ෂාරිෆ් ඔස්මාන් හාදිගේ අවසන් කටයුතු එරට ඩකා අගනුවරදී ඊයේ(20) සිදු කෙරුණා.

ඩකා විශ්වවිද්‍යාලයේ මුස්ලිම් දේවස්ථාන පරිශ්‍රයේ ඔහුගේ දේහය ආදාහනය කිරීමේ අවස්ථාවට දහස් ගණනක් පිරිස් සහභාගී වී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එරට අන්තර්වාර නායක මොහමඩ් යූනුස් ද එම අවස්ථාවට එක් වුණා.

2024 පැවති ෂෙයික් හසීනාගේ රජයට එරෙහි විරෝධතාවල කැපීපෙනෙන චරිතයක් වූ හාදිගේ මරණය සැලවීමත් සමඟ පසුගිය බ්‍රහස්පතින්දා ඩකා ඇතුළු නගර රැසක යළිත් වරක් ප්‍රචණ්ඩ ක්‍රියා හට ගැනුණා.

කෙසේවෙතත්, ඔහු මෙසේ මියගොස් තිබුණේ, සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

Shares: