යාපනය – පේදුරුතුඩුව නගර සභා සීමාවට අයත් හෝටල් සහ ආහාර අලෙවිසැල් තුළ ලන්ච් ෂීට් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.
හෝටල් සහ ආහාර අලෙවිසැල් හිමිකරුවන් සමඟ පැවැති සාකච්ඡාවකදී පේදුරුතුඩුව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක පී. දිනේෂ් මහතායි මේ බව ප්‍රකාශ කළේ.
පේදුරුතුඩුව නගර සභාව නිවේදනය කර ඇත්තේ මෙම තහනම 2026 ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන බවයි.
එමෙන්ම මෙම තහනම උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබෙනවා.
ලන්ච් ශීට් වෙනුවට ආහාර එතීම සඳහා කෙසෙල් කොළ, නෙළුම් කොළ, තේක්ක කොළ වැනි ස්වාභාවික දෑ මෙන්ම, ආහාර ඇසුරුම් කිරීම සඳහා අනුමත ඇලුමිනියම් ෆොයිල් සහ වෙනත් අනුමත බඳුන් භාවිතා කරන ලෙසටයි උපදෙස් ලබා දී ඇත්තේ.
මෙම උපදෙස් කඩකරන අයට එරෙහිව නගර සභා සභාපතිවරයා සතු බලතල යටතේ අදාළ වෙළෙඳසැල්වල ව්‍යාපාරික බලපත්‍රය අත්හිටුවීමට ද කටයුතු කරනු ඇති.











