දේශීය

අම්බලන්ගොඩ වෙඩි තැබීමේ සිද්ධියට 6ක් අත්අඩංගුවට

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

මෙම අත්අඩංගුවට ගත් පිරිසෙන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් හා සිව්දෙනෙකු ගාල්ල අපරාධ අංශය විසිනුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එමෙන්ම මෙම වැටලීම්වලදී හික්කඩුව ප්‍රදේශයෙන් පිස්තෝලයක් සහ රිවෝල්වරයක්ද සොයාගැනීමට හැකිව තිබෙනවා.

Shares: