දේශීය

නායයෑමට ලක්වූ රෝහල් 8ක් වෙනත් ස්ථානවල පිහිටුවීම කඩිනමින්

නායයෑම් හේතුවෙන් හානියට පත් රෝහල් 08ක් වෙනත් ස්ථානවල පිහිටුවීමේ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කළේ ආපදාවලින් සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩිනමින් නගා සිටුවීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි.

ආපදාවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වූ හානිය රුපියල් මිලියන 21742 ක් ලෙස ගණන් බලා ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Shares: