දේශීය

අක්‍රීය වූ සුනාමි කුළුණු යළි සක්‍රීය කිරීම ඇරඹෙයි

දැනට අක්‍රීය වි ඇති සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු යළි සක්‍රීය කිරීමට වැඩපිළිවෙලක් ආරම්භ කළ බව ආපදා කළමාණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා සඳහන් කළේ ඒ සඳහා ඉන්දියාවේද සහය ලබා ගන්නා බවයි.

2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් පසු සුනාමි අවස්ථාවකදී ජනතාවට ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව කුළුණු 77ක් පිහිටවනු ලැබුවා.

එහෙත් එම සියලු කුළුණු මේ වනවිට අක්‍රීය තත්ත්නයේයි පවතින්නේ.

Shares: