ක්‍රීඩා

හිටපු ක්‍රිකට් ක්‍රීඩක අක්ෂු ප්‍රනාන්දු පිටියටත්, දිවි ගමනටත් සමුදෙයි

2010 වසරේ දී 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වූ අක්ෂු ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබෙනවා.

2018 වසරේ දී ගල්කිස්ස ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී සිදුවූ බිහිසුණු අනතුරකින් පසු කෝමා තත්ත්වයට පත් වී සිටියදීයි ඔහු අද (30) මෙලෙස දිවි ගමනට සමු දී ඇත්තේ.

මියයන විට ඔහු 34 හැවිරිදි වියෙහි පසුවුණා.

2010 වසරේ දී නවසීලන්තයේ පැවති 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී භානුක රාජපක්ෂ, කිත්රුවන් විතානගේ, ධනුෂ්ක ගුණතිලක සමඟ සමකාලීනයෙකු ලෙස අක්ෂු ප්‍රනාන්දු ක්‍රීඩාකර තිබෙනවා.

Shares: