උණුසුම් පුවත්

නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් හෙට සිට නැවත දැනුම් දෙනතුරු නිවාඩු

නැගෙනහිර පළාතට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සහ පවතින සුළි කුණාටු අවදානම සැලකිල්ලට ගෙන, එම පළාතේ මුස්ලිම් පාසල් සියල්ලටම හෙට (27) දින සිට නැවත දැනුම් දෙනතුරු නිවාඩු ලබා දීමට කටයුතු කර තිබෙනවා.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර සඳහන් කළේ, පවතින සුළි කුණාටු තත්ත්වය සම්පූර්ණයෙන් පහව ගිය පසු, යළි එම පාසල් විවෘත කරන දිනය පසුව දැනුම් දෙන බවයි.

Shares: