චීනයේ උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා දශක තුනකට පසු ප්‍රථම වතාවට කොන්ඩම් සහ අනෙකුත් උපත් පාලන ක්‍රම සඳහා බද්දක් පැනවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව චීන රජය අද (01) දින සිට කොන්ඩම් ඇතුළු විවිධ උපත් පාලන ක්‍රම සඳහා 13% ක වැට් බද්දක් (VAT) අය කරනු ඇති.
මෙම තීරණය මගින් 1993 දී උපත් පාලන නිෂ්පාදන බදුකරණයෙන් නිදහස් කරන ලද අගය එකතු කළ බදු නීතිය සංශෝධනය කෙරෙනවා.
එකල, මෙම පියවර චීනයේ වේගවත් වන ජනගහන වර්ධනය පාලනය කිරීමට දරන උත්සාහයේ කොටසක්.
කෙසේ වෙතත්, එම ප්‍රතිපත්තිය ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකයට බාධාවක් වී ඇති අතර, එය සැලකිය යුතු ලෙස වයස්ගත වන ජනගහනය සහ පහත වැටෙන උපත් අනුපාතය හේතුවෙන් එහි වර්ධනය සහ ස්ථාවරත්වය පීඩනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
ඒ අනුව වසර 30 කට වැඩි කාලයක් තිස්සේ චීනයේ පැවති එක් දරු ප්‍රතිපත්තිය හේතුවෙන් පසුගිය දශකය තුළ එරට පහත වැටුනු උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහායි මෙම පියවර ගෙන ඇත්තේ.
මේ අතර චීනයේ එක් දරු ප්‍රතිපත්ති සීමාව තුන් දරු ප්‍රතිපත්තියක් දක්වා ඉහළ නැංවීමට මෙමගින් කටයුතු කර ඇති අතර, පළාත් IVF ප්‍රතිකාර සඳහා වට්ටම් සහ අමතර දරුවන් සඳහා මුදල් සහනාධාර ලබා දීමට ද ඉදිරියේදී තීරණය කරන බව එරට නිලධාරීන් පවසනවා.
මෙම වසරේදී රජය මෙහි පළමු ජාතික ළමාරක්ෂක සහනාධාර වැඩසටහන සඳහා යුවාන් බිලියන 90ක් (ඩොලර් බිලියන 12.7ක්) වෙන් කර ඇති අතර, වයස අවුරුදු තුනට අඩු සෑම දරුවෙකුටම වාර්ෂිකව යුවාන් 3,600ක් ලබා දීමටයි තීරණය කර ඇත්තේ.











