පුලතිසි නගරාන්තර දුම්රිය එළැඹෙන 09 වනදා සිට සෑම සිකුරාදා දිනයකම කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා සහ සෑම ඉරිදා දිනකම මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තු පැවසුවේ ලැබෙන මගී ඉල්ලුම අනුව ධාවන වාර සංඛ්‍යාව ඉදිරියේදී වැඩි කිරීමට ද සැලසුම් කර ඇති බවයි.
එම දුම්රිය ගමන් ගන්නා කාලසටහන පහතින්,
අංක 6075 දුම්රිය
කොළඹ කොටුව පිටත් වීම – ප.ව. 12.45
මඩකලපුව ලඟාවීම – ප.ව 08.07
අංක 6076 දුම්රිය
මඩකලපුව පිටත් වීම -පෙ.ව. 04.00
කොළඹ කොටුව ලඟා වීම – පෙ.ව. 11.30
එමෙන්ම ඇල්ල Odessey සංචාරක දුම්රිය හෙට (07) සිට සෑම බදාදා දිනයකම අඹේවෙල සිට බදුල්ල දක්වා ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
එමෙන්ම ලැබෙන මගී ඉල්ලුම අනුව දුම්රිය ගමන් ගන්නා ධාවන වාර සංඛ්‍යාව ඉදිරියේදී වැඩි කිරීමට ද සැලසුම් කර ඇති බව සඳහන්.
අංක 1043 දුම්රිය
අඹේවෙල පිටත් වීම – ප.ව. 01.30
බදුල්ල ලඟාවීම – ප.ව. 04.15
අංක 1044 දුම්රිය
බදුල්ල පිටත්වීම පෙ.ව. 07.45
අඹේවෙල ලඟාවීම පෙ.ව. 10.58
මේ අතර, පාසල් සිසුන් සඳහා පාසල් පැවැත්වෙන දිනවල, ඊයේ සහ අද සිට නාවලපිටිය සහ හැටන් අතරත් මහනුවර සහ වත්තේගම අතරත් පහත පරිදි දුම්රිය ධාවනය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති.
වත්තේගම/ මහනුවර
වත්තේගම පිටත් වීම – පෙ.ව. 05.45
මහනුවර ලඟා වීම පෙ.ව. 06.30
මහනුවර/ වත්තේගම
මහනුවර පිටත් වීම – ප.ව. 02.00
වත්තේගම ලඟා වීම – ප.ව. 02.39
හැටන් / නාවලපිටිය
හැටන් පිටත්වීම පෙ.ව. 05.00
නාවලපිටිය ලඟා වීම – පෙ.ව. 06.29
නාවලපිටිය /හැටන්
නාවලපිටිය පිටත් වීම – ප.ව. 02.12
හැටන් ලඟාවීම – ප.ව. 03.11
එසේම පැවති ආපදා තත්ත්වයෙන් පසු මෙම මාර්ග කොටස්වල දුම්රියයන් ධාවනය වන්නේ පළමු වතාවට බවයි දැනුම් දී ඇත්තේ.










