ගිනිඅවි 2ක්, රුපියල් ලක්ෂ තිහකට අධික වටිනාකමකින් යුතු හොරෙයින් මත්කුඩු තොගයක් හා ජීව උණ්ඩ සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු පොලිස් විශේෂ කාර්ය බළකා මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුබෝවිල විමලසාර මාවතේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අධිකාරිගේ සමන්ත පෙරේරා නොහොත් ‘චූව සමන්ත’ නැමැත්තාගේ සමීපතමයෙකු බව සඳහන්.
සැකකරු සමඟ විදේශ රටක නිෂ්පාදිත අංක 23263 දරණ කාණු දෙකක් සහිත බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගිනිඅවියක්, මෙරට නිෂ්පාදිත 9mm වර්ගයේ උණ්ඩ යෙදිය හැකි පිස්තෝල අවියක්, T56 උණ්ඩ 05ක්, 9 එම්. එම් උණ්ඩ 10ක් සහ හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 255ක් ද සිය භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ.











