දේශීය

අල්ලස් නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධියේ වෛද්‍ය මහේෂිගේ දියණියට එරෙහිව චෝදනා

අල්ලස්  කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජනය කළේ කියන චෝදනාව මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මියගේ දියණියට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබෙනවා.

අදාළ නඩුකරය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ සැකකාරියට එරෙහිව චෝදනා දෙකක් යටතේ චෝදනා  පත්‍රයක් ගොනුකරන බවයි.

අනතුරුව චෝදනා පත්‍ර විවෘත අධිකරණයේ කියවූ බව ද සඳහන්.

එහිදී විත්තිකාරිය ප්‍රකාශ කළේ තමන් අදාළ චෝදනාවලට නිවැරදිකාරිය බවයි.

අනතුරුව මෙම නඩුව යළි මැයි මස 05 වනදා කැඳවීමට නියම කර තිබෙනවා.

 
Shares: