අද (20) අලුයම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් විසින්, කුෂ් කංසා කිලෝග්‍රෑම් 5.140 කට වඩා ජාවාරම් කිරීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 51.4ක් පමණ වන අතර, සැකකරු 32 හැවිරිදි මුතූර් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.
පරීක්ෂණ අනුව, සැකකරු තායිලන්තයේ බැංකොක් නගරයෙන් මත්ද්‍රව්‍ය මිලදී ගෙන ඉන්දියාවේ බැංගලෝර් වෙත ගොස්, පසුව අද අලුයම 12:30 ට ඉන්ඩිගෝ 6E-1183 ගුවන් යානයෙන් කටුනායකට පැමිණි බව හෙළිවී තිබෙනවා.
නිලධාරීන් විසින් සැකකරුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී පැකට් 4 කට බෙදා විවිධ ස්ථානවල සඟවා ඇති මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.
අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරු ඉදිරිපත් කිරීමට නියමිත අතර, පරීක්ෂණය තවදුරටත් කෙරෙනු ඇත.









