ඓතිහාසික රුහුණු මහ කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේවරයා ලෙස කටයුතු කළ තිළිණ මධුසංඛ මහතා එහි 13 වන බස්නායක නිලමේවරයා ලෙස නිතරගයෙන් අද තේරී පත් වී තිබෙනවා.
ඒ, බෞද්ධ කටයුතු කොමසාරිස් කේ.එම්.ජී. සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මොණරාගල දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ පැවති නිලවරණයේදීයි.
හිටපු බස්නායක නිලමේ වන ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකරගේ නිල කාලය පසුගිය ඔක්තෝබර් 22 වැනිදායින් අවසන් වූ අතර පසුව වැඩ බලන බස්නායක නිලමේවරයා ලෙස තිළිණ මධුසංඛ පත්කිරීමටයි බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පියවර ගනු ලැබුවේ.
ඔහු මේ වනවිට දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස ද කටයුතු කරනු ලබනවා.










