දේශීය

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම මාසයක් තුළ – බලශක්ති අමාත්‍යාංශය

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මාසයක් තුළ සිදු කිරිමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවයි නියෝජ්‍ය අමාත්‍ය එම්. එම්. අයි. අර්කම් මහතා ප්‍රකාශ කළේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කිරීමට අදාළව කාර්ය සාධක බලකායක්ද පිහිටවූ බවයි.

Shares: